රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW:
පානදුර දකුණ පොලිස් වසමේ නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාපාරයක් සහ මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණ සෝදිසි වරෙන්තුවක් මත මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.
විවිධ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, නීතිවිරෝධී කටයුතුවල නිරත වූ බවට සැකකෙරෙන චීන ජාතිකයින් 32 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම සැකකරුවන් සතු පරිගණක 23ක් සහ අනෙකුත් උපාංග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇත.
මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් පවතී.


