Ramla Ali පළමු ලෝක ශූරතාවිය වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW:

බ්‍රිතාන්‍ය-සෝමාලියානු බොක්සිං ක්‍රීඩිකා රම්ලා අලි, ඇමරිකානු ක්‍රීඩිකාවක වන මිකියා ක්‍රෙප්ස් සමඟ පැවති තරඟයකින් මතභේදාත්මක ජයග්‍රහණයක් ලබා ගනිමින් සිය පළමු ලෝක ශූරතාව සහ කනිෂ්ඨ ෆෙදර්වේට් පටි දිනා ගැනීමට සමත් වූවාය.

මෙම දස වටයක දැඩි සටනින් පසු නිල සංඛ්‍යාලේඛනවලට අනුව ක්‍රෙප්ස් වැඩි පහර එල්ල කර තිබුණද, විනිසුරුවරුන්ගේ බහුතර තීරණය මත අලි ජයග්‍රාහිකාව ලෙස නම් කරන ලදී.

1992 වසරේදී සෝමාලියානු සිවිල් යුද්ධයෙන් පලා ගොස් ලන්ඩන් නගරයේ පදිංචි වූ අලි, පුරාවටම දැඩි අභියෝග ජයගත් ක්‍රීඩිකාවක් වන අතර, ඇය මීට පෙර ඔලිම්පික් උළෙලකට සහභාගී වූ පළමු සෝමාලියානු බොක්සිං ක්‍රීඩිකාව ද බවට පත්විය.

තරඟයෙන් අනතුරුව දෙදෙනාම එකිනෙකාගේ දක්ෂතා අගයමින් අන්‍යෝන්‍ය ගෞරවය ප්‍රදර්ශනය කළහ. මීට අමතරව, මෑතකදී තම පියා අහිමි වීම නිසා දැඩි මානසික පීඩාවකින් පසුවූ ඇය, මෙම ජයග්‍රහණය සෝමාලියාවේ තරුණ පරපුරට ප්‍රබල ආස්වාදයක් වනු ඇතැයි ප්‍රකාශ කළාය.

ක්‍රීඩාවට අමතරව නිරූපිකාවක ලෙසද, යුනිසෙෆ් (UNICEF) තානාපතිවරියක ලෙසද කටයුතු කරන ඇයගේ ජීවිත කතාව පදනම් කර ගනිමින් චිත්‍රපටයක් ද නිර්මාණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ගමන ජනතාව සවිබල ගන්වන රට ගොඩනගන මැද මාවතයි – විපක්ෂ නායක සජිත්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: සමගි ජන බලවේගය පක්ෂය...

සෞදි අරාබියේ ප්‍රධාන නැගෙනහිර–බටහිර තෙල් නළ මාර්ගයට යළිත් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: සෞදි අරාබිය හරහා...

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක සමඟ සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා එල්ල වූ NVIDIA ප්‍රධාන විධායක නිලධාරියා ගැන FBI පරීක්ෂණයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...