රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW:
සෞදි අරාබියේ මරණ දඬුවමකට මුහුණ දී සිටි අනෝජන් සිවරාසා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය කෘතඥතාව පළ කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටීම තම වගකීම බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙම සාර්ථක මෙහෙයුම වෙනුවෙන් සෞදි අරාබි රජයට සහ ජාති ආගම් භේදයකින් තොරව දායක වූ සියලු පාර්ශ්වයන්ට ස්තූතිය පුද කළේය.
මේ වන විට සිවරාසා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ දෙමාපියන් ජනාධිපතිවරයා වෙත තහවුරු කළහ.
සිවරාසා මුදා ගැනීම සඳහා මුල සිටම මැදිහත් වූ විදේශ අමාත්‍යංශය, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සහ නීතිඥ මණ්ඩලය ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය ඔහුගේ මව විසින් ඉතා අගයනු ලැබීය.
සමාජ ක්‍රියාකාරී රාජ්කුමාර් රජීව්කාන්ත් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් තහවුරු කර ඇත.

