2027 අයවැය : මාර්ග සංවර්ධනයට බිලියන 487ක්

දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා 2027 අයවැයෙන් රුපියල් බිලියන 487ක් වෙන්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එහිදී කුරුණෑගල සිට ගලේවෙල දක්වා අධිවේගී මාර්ගය සඳහා රු. මිලියන 30,000ක් සහ රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා රුපියල් මිලියන 27,000ක් වෙන් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස සඳහා රු. මිලියන 53,450ක් සහ පොතුහැර – රඹුක්කන මාර්ගය සඳහා රු. මිලියන 4500ක් වෙන් කළ බව පැවසූ ජනාධිපතිවරයා රඹුක්කන – ගලගෙදර මාර්ගය සඳහා රු. මිලියන 23,050 ක් මෙන්ම අධිවේගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 8,500ක් වෙන් කරන බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ 2027 අයවැය කතාව අද (12) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය : සංවර්ධනයට මුල් තැන

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: 2027 වසරේ සංවර්ධන අරමුදල්...

මෑත ඉතිහාසයේ අපේක්ෂිත ආදායම ඉක්මවා උපයා ගත එකම ආණ්ඩුව අපි – ජනපති අයවැය කතාවේදී කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසර 68කට පසු අයවැය හිඟයේ අඩුම අගය...

විදේශ අධ්‍යාපන සහතික ප්‍රශ්න කිරීමත් සමඟ ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉන්දුනීසියානු උප ජනාධිපති,...

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සහනය වෙනුවෙන් බිලියන 147කට වැඩි මුදලක් වැය කළා – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතයට ඉන්ධනවලින් වන...