ඔලිම්පික්, ඒෂියන් ගේම්ස් නැති වසරක ජයග්‍රාහකයින්ට අයවැයෙන් මුදල් වෙන්කිරීම ජනතාව ගොනාට ඇන්දවීමක්. මුළු අයවැයම ඔහොමයි – වරුණ රාජපක්ෂ

ඔලිම්පික් ක්‍ර්ඩා උළෙලක් හෝ ආසියානු ක්‍රීඩා උළෙලක් 2027 වසරේදී පැවැත්වෙන්නේ නැති පසුබිමක් තුළ එම ක්‍රීඩා උළෙලකදී ජයග්‍රහණය කරන ක්‍රීඩකයින්ට රුපියල් මිලියන 100, මිලියන 50 යනාදී වශයෙන් අයවැයෙන් ඇගයීම් දීමනා වෙන්කිරීම යනු ජනතාව ගොනාට ඇන්දවීමක් බවත් සමස්තයක් ලෙස මේ අයවැයෙන් සිදුකර ඇත්තේ රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට, ඉහත ආකාරයෙන් හුදෙක් ජනප්‍රියත්වය වෙනුවෙන් මොන මොනවා හෝ යෝජනා ටිකක් ඉදිරිපත් කිරීම බවත් සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා පවසයි.

“මේ අයවැයෙන් කරලා තියෙන්නෙ, ඇත්තටම මේ රටේ ප්‍රශ්න ටිකක් තියෙනවානෙ, ඒ හැමදේකටම අර ජනප්‍රියත්වය ඉලක්ක කරගෙන මොන මොනවාහරි ටිකක් බෙදාගෙන ගිහිල්ලා. ඒකට හොඳම උදාහරණය තමයි අර ක්‍රීඩාව සම්බන්ධ උදාහරණය. ඉතින් ක්‍රීඩාවටත් මොනවා හරි දාන්න ඕනෙ අයවැයෙන්. ඒකට හිතලා දානවා ඔලිම්පික් හිටපු එක්කෙනෙක්ට මෙච්චරක් දෙනවා කියලා. ඒක මං කියන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියකින්, ප්‍රඥප්තියකින්, මොකක් හරි ගෙනාවා නම් ඒක කියන්න පුළුවන් හැමදාටම කියලා. නමුත් අයවැය කතාවෙන් මේක ඉදිරිපත් කළාම, මේ අයවැය ඉදිරිපත් කරන්නෙ ලබන අවුරුද්දට, ලබන අවුරුද්දේ ආසියානු ක්‍රීඩා උළෙලත් නෑ, ඔලිම්පිකුත් නෑ. හැබැයි ඒක නෙවෙයිනෙ වෙන්න ඕනෙකම තියෙන්නෙ. වෙන්න ඕනෙකම තියෙන්නෙ 2030 ඔලිම්පික් යන ළමයි වෙනුවෙන් මොකක්ද කරන්නෙ කියන එක. ඒක වෙනුවෙන් පියවර ගන්නවා වෙනුවට මේ අවුරුද්දේ මේ හැමදේටම මොනවා හරි ටිකක් විසිකරලා දානවා. ඕකනෙ කරලා තියෙන්නෙ. මේක මේ මිනිස්සු සිහිනවලට ගෙනියන අයවැයක් විතරයි”

වරුණ රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාසික ආදායම් බදු නිදහස් සීමාව 162,500 දක්වා ඉහළට

මාසික ආදායම් බදු නිදහස් සීමාව රුපියල් 150,000 සිට රුපියල්...

හෝමාගම පොලීසියේ Crime OIC රජිත ගුරුසිංහට මිනීමැරුම් චෝදනා යටතේ නඩු ගොනුකරයි

සටහන - රුවන් නෙළුගොල්ල හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු...

ඩිකැප්‍රියෝගේ සිහින දූපතේ නොනිමෙන කතාව!

සටහන – පුලීනොවැම්බර් 12, LNW (කොළඹ): සුප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ...