සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ෆුජයිරා ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ට්‍රක් රථයක රියදුරුට එහි පාලනය අහිමි වීමත් සමඟ මෙම අනතුර සිදුව වාහන 23ක් එකිනෙක ගැටීමෙන් අනතුරුව හටගත් ගින්න හේතුවෙන් තත්ත්වය තවත් දරුණු වී තිබේ.
අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති බව සඳහන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් සිටී.
ලෝකයේ ඉහළ මට්ටමේ මාර්ග යටිතල පහසුකම් සහිත රටක් ලෙස සැලකෙන UAE රාජ්‍යයේ මෙවැනි මහා පරිමාණ අනතුරක් සිදුවීම විශේෂ අවධානයට ලක්ව ඇත. 2025 මාර්තු 29 වැනිදා සිට ක්‍රියාත්මක වූ නව රථවාහන නීති මඟින් මාර්ග ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ රියදුරන්ගේ වගකීම් වැඩි කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති අතර මාර්ග අනතුරු අවම කිරීම සඳහා දැඩි රථවාහන නීති, වේග සීමා නිරීක්ෂණ කැමරා සහ නවීන රථවාහන පාලන තාක්ෂණයන් භාවිත කරයි.

