ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
පුජා භූමි සංවර්ධන වැඩපිළිවෙලට එරෙහිව අධිකරණ නියෝගද නොතකමින් අනුරාධපුර රුවන්වැලි සෑය අසල විරෝධතාවක එම භික්ෂුන් වහන්සේලා පිරිස නිරතව සිටියහ.
ඊයේ දිනයේදී රාජාංගනයේ සද්ධාරතනගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමග ඇති වූ ගැටුමකින් අනතුරුව කස්සප හිමි ඇතුළු පිරිසක් ඊයේ (12) පොලිස් භාරයට ගෙන තිබුණි.
සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයාබැලීම සඳහා වූ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.


