කඩුගන්නාවේ නායයෑම් වලට හේතුව NBRO හෙළිකරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW :

කඩුගන්නාව ප්‍රදේශයේ මෑතකදී සිදුවූ නායයෑම්වලට හේතුවී ඇත්තේ, ඉහළ බෑවුම් ප්‍රදේශයේ පවතින අස්ථාවරත්වය සහ පැරණි නායයෑමක් නැවත සක්‍රීය වීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.

එම ආයතනයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ චතුරී සුබසිංහ මහත්මිය සඳහන් කළේ, අදාළ ස්ථාන ස්ථාවර කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

මහනුවර – කොළඹ මාර්ගය ආශ්‍රිත කඩුගන්නාව ප්‍රදේශයේ මෑතකදී ගල් පෙරළීම් සහ බෑවුම් අස්ථාවර වීම් සිදුවූ බවත්, ඒ පිළිබඳ මූලික භූ විද්‍යාත්මක සමීක්ෂණ ඊයේ දිනයේදී අවසන් කර, එහි අවසන් වාර්තාව යටිනුවර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාර දුන් බවත් ඇය පැවසුවාය.

ඉහළ බෑවුම් ප්‍රදේශයේ දක්නට ලැබෙන ගල් පෙරළීම් සහ බෑවුම් අස්ථාවරත්වයට අමතරව, එම ප්‍රදේශය තුළ තවත් පැරණි නායයෑමක් පවතින බව ද ඔවුන්ගේ අවසන් නිගමනය ලෙස හඳුනාගෙන ඇතැයි ඇය සඳහන් කළාය.

එබැවින්, මාර්ගයේ ස්ථාවරත්වය කඩිනමින් තහවුරු කිරීම සඳහා සවිස්තරාත්මක පරීක්ෂණයක් සිදු කිරීමටත්, අවදානම් අවම කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීමටත් නිර්දේශ කළ බව ඇය පැවසුවාය.

මෙම ක්‍රියාවලිය කඩිනම් කර, ඉදිරි සතිය තුළ අදාළ කටයුතු සිදු කිරීම සඳහා එම වාර්තාව ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!

කොළඹ LNW:ඉරානය බහරේනයේ ඇමෙරිකා රේඩාර් පද්ධතියකට ප්‍රහාර එල්ල කර...

මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරායට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : මත්ද්‍රව්‍ය අඩංගු යැයි...

අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ...

LAUGFS ගෑස් වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : LAUGFS ගෑස් මෙට්‍රික්...