කොළඹ LNW:දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ‘යසිරු පුතා’ නමැති බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙනවිත් තිබේ.
එම යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 50ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 52ක් සොයාගෙන ඇති අතර, ඒවා ගෝනි හයක බහා තිබූ බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණි.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ මෙම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව නොවැම්බර් 11 වැනිදා එය අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී යාත්‍රාවේ සිටි සැකකරුවන් පස්දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මේ වන විට සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර සහ ප්‍රමාණය තහවුරු කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටියි.


