වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දැවැන්තම වාහන තොගය, වනජීවී ක්ෂේත්‍ර රාජකාරී සඳහා එක් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW:

සිංගල් කැබ් රථ 84ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට

ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත සුරැකීම, මිනිස් අලි ගැටුමට විසදුම් සෙවීමේ අරමුණෙන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් ශක්තිමත් කිරීම සදහා නවීන සිංගල් කැබ් රථ 84ක් එම දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාර දීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026 නොවැම්බර් 13) පෙරවරුවේ මහර – කඩවත ටොයෝටා (TOYOTA) ආයතනයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදය කුමාර මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා ටොයෝටා ලංකා ආයතනයේ සභාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආයතනික නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එක් වරකදී ලබා දෙන විශාලතම වාහන තොගය මෙය වන අතර, එම සමස්ත වාහන සංචිතය 294 කි. ඒ අනුව, සිංගල් කැබ් රථ 84ක්, ඩබල් කැබ් රථ 16 ක්, කෲ කැබ් රථ 03ක්, යතුරුපැදි 181ක්, ට්‍රැක්ටර් 09 සහ අත් ට්‍රැක්ටර් 01 මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව සතුවේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව, වනජීවී ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පැවති මානව හා භෞතික සම්පත් හිඟය පියවීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දියත් කර ඇත. මෙම වාහන බෙදා දීමේදී විශේෂයෙන්ම අලි – මිනිස් ගැටුම් බහුල ප්‍රදේශ සහ වන හානි වැඩි වශයෙන් වාර්තා වන අඩවි කාර්යාල වෙත ප්‍රමුඛතාව ලබා දීමට පියවරකි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම ව්‍යාපෘතිය යටතේ වාහන තොග කිහිපයක් අඩවි කාර්යාල වෙත මුදා හැර ඇති අතර, අද දින භාර දුන් කැබ් රථ 84ත් සමඟ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන දුෂ්කරතා අවම වී හදිසි මෙහෙයුම් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් තහවුරු වේ.

මෙරට වනජීවී සම්පත අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට පෙර කිසිදු රජයක් නොගත් ආකාරයේ ඓතිහාසික සහ ප්‍රායෝගික මැදිහත්වීමක් වත්මන් රජය විසින් සිදු කරමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ බදු සහන නිසා රජයට සිදුවූ ආදායම් අහිමිවීම…

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: රුපියල් බිලියන 461.49ක අහිමි...

බහරේනයේ ඇමෙරිකානු රේඩාර් මධ්‍යස්ථානයකට ඉරානයෙන් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: බහරේනයේ පිහිටි ඇමෙරිකානු...

‘යසිරු පුතා’ ළඟ තිබී අයිස් හා හෙරොයින් පැකට් 102ක් සොයා ගනී!

කොළඹ LNW:දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව...

කඩුගන්නාවේ නායයෑම් වලට හේතුව NBRO හෙළිකරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : කඩුගන්නාව ප්‍රදේශයේ මෑතකදී...