බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් – අද (14) කාලගුණය

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 15 වැනිදා පමණ වන විට ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඉන් අනතුරුව තවදුරටත් මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 16 වැනිදා පමණ වන විට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අද (නොවැම්බර් 14) දිනයේදී මෙරට ගොඩබිම් ප්‍රදේශවල කාලගුණ තත්වය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනාවැකිය මෙසේ ය.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාළු ඇප් එක තියෙනවා. ධීවරයින් ලක්ෂයක් දැන් මාළු හොයාගන්නේ ඒකෙන්. තව රු. කෝටි 100ක් ඒකට දානවා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල මුහුදේ මත්ස්‍යයින් ගැවසෙන ප්‍රදේශ සොයාගැනීම සඳහා...

රටක් ගොඩනගන එක අමාරුයි පක්ෂයක් හදනවාට වඩා. පුළුවන් නම් කරමු, බැරි නම් කොහොම හරි කරමු – ටිල්වින් සිල්වා

සටහන - රුවන් නෙළුගොල්ල පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු...

ලාෆ්ස් ගෑස් මිල සැරටම ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...