ඇමෙරිකාවේ ගුවන් ගමන් 4700කට ආසන්න සංඛ්‍යාවක් අවලංගුයි; 10,494ක් ප්‍රමාදයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 14 :
ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ඇති වූ ගුවන් ගමන් අත්හිටුවීමේ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 4700කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් දස දහසකට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබේ.

පසුගිය නොවැම්බර් 13 වැනිදා එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් රටපුරා ගුවන් යානා ගුවන්ගත වීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණේ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවල සන්නිවේදන පද්ධතිවල ඇති වූ දෝෂයක් හේතුවෙනි.

FlightAware ගුවන් ගමන් නිරීක්ෂණ සේවයේ දත්ත අනුව, එදින පස්වරු 6.04 වන විට ගුවන් ගමන් 4700ක් අවලංගු වී තිබූ අතර තවත් ගුවන් ගමන් 10,494ක් ප්‍රමාද වී තිබිණි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, සයිබර් ප්‍රහාරයක කිසිදු සලකුණක් නොමැති බවත්, ගුවන් ගමන් අවලංගු වීමෙන් සහ ප්‍රමාද වීමෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් සාමාන්‍ය ගුවන් ගමන් කාලසටහන් යථා තත්ත්වයට පත් කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාළු ඇප් එක තියෙනවා. ධීවරයින් ලක්ෂයක් දැන් මාළු හොයාගන්නේ ඒකෙන්. තව රු. කෝටි 100ක් ඒකට දානවා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල මුහුදේ මත්ස්‍යයින් ගැවසෙන ප්‍රදේශ සොයාගැනීම සඳහා...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් – අද (14) කාලගුණය

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්...

රටක් ගොඩනගන එක අමාරුයි පක්ෂයක් හදනවාට වඩා. පුළුවන් නම් කරමු, බැරි නම් කොහොම හරි කරමු – ටිල්වින් සිල්වා

සටහන - රුවන් නෙළුගොල්ල පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු...

ලාෆ්ස් ගෑස් මිල සැරටම ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...