බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – අද (15) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද උදෑසන වන විට ත්‍රිකුණාමලය සිට කි.මී. 600 ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී තිබුණු බවත් තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර අද දින (නොවැම්බර් 15) වන විට ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානවවාදී ව්‍යාපෘති සඳහා සහාය වීමට නව විද්‍යුත් අරමුදල් රැස් කිරීම ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානවවාදී ව්‍යාපෘති සඳහා...