වින්සන්ට් වැන් ගෝගේ සුප්‍රකට ‘Starry Night’ සිතුවමට ජීවය දුන් අසා ස්ලීමේන්ගේ අපූරු ගවුම! Vogue Arabia රතු පලස හැඩකළ රමී කාඩිගේ විලාසිතා නිර්මාණය ලොවම මවිත කරයි

සටහන – පුලී
නොවැම්බර් 15, LNW (කොළඹ):
ලෝක ප්‍රකට චිත්‍රයක් විලාසිතා නිර්මාණයක් බවට පත් කළ අපූරු අවස්ථාවක් පසුගියදා ඩුබායිහිදී පැවැති Vogue Arabia Ball 2026 උළෙලේදී දැකගත හැකි විය. ඒ, ටියුනීසියානු නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වන අසා ස්ලීමේන් (Azza Slimene) වෙනුවෙන් ලෙබනන් ජාතික ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පී රමී කාඩි (Rami Kadi) විසින් නිර්මාණය කළ අතිවිශේෂ ගවුමයි. සුප්‍රකට චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන් ගෝගේ ‘The Starry Night’ සිතුවමෙන් ආභාසය ලබා නිර්මාණය කර තිබූ මෙම ගවුම උළෙලේ වඩාත් කතාබහට ලක්වූ විලාසිතා නිර්මාණයක් බවට පත්විය.

1889 වසරේදී නිර්මාණය කරන ලද වැන් ගෝගේ ‘The Starry Night’ සිතුවම රාත්‍රී අහසේ කැරකෙන ආකාරයෙන් දිස්වන නිල් පැහැති වලාකුළු, දීප්තිමත් තරු සහ සඳ ඇතුළත් ලෝක ප්‍රකට කලා නිර්මාණයකි. එම සිතුවමේ ඇති වර්ණ සංයෝජනය සහ චලන රටාවන් රමී කාඩි විසින් ගවුමකට අපූරුවට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි.

ශරීරයේ හැඩය ඉස්මතු වන Mermaid Silhouette ආකෘතියෙන් නිර්මාණය කර ඇති මෙම Strapless ගවුම ත්‍රිමාණ මොසෙයික් ආකාරයේ එම්බ්‍රොයිඩරි සැරසිලිවලින් සමන්විතය. කොබෝල්ට් නිල්, ටර්කොයිස්, ඇක්වා සහ කහ පැහැයන් එකිනෙක මුසු කරමින් සිතුවමේ ඇති තරු සහ අහසේ කැරකෙන රේඛා රටා ගවුම මත ප්‍රතිනිර්මාණය කර තිබේ. ඒ සඳහා වෙන වෙනම හැඩගස්වන ලද දිලිසෙන සැරසිලි අතින් සකස් කර ගවුම මත සවි කර ඇති බව සඳහන් වේ.

මෙම නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් රමී කාඩි පවසා ඇත්තේ වැන් ගෝගේ සිතුවමේ ඇති බුරුසු පහරවල චලනය තමන්ගේ අවධානයට ලක්වූ බවත්, එම චලනයන් ත්‍රිමාණ එම්බ්‍රොයිඩරි තාක්ෂණය ඔස්සේ විලාසිතා නිර්මාණයකට ගෙන ඒමට උත්සාහ කළ බවත්ය. ඒ අනුව මෙය සිතුවමක අනුරුවක් පමණක් නොව, මුල් කලා නිර්මාණයේ හැඟීම සහ චලනය රැගත් ඇඳුමක් බවට පත් කිරීමට ඔහු උත්සාහ කර තිබේ.

මෙම ගවුමෙන් සැරසුණු අසා ස්ලීමේන් උළෙලේ ප්‍රධාන සත්කාරකත්වය ද දැරුවාය. ඇයගේ පෙනුම තවත් ආකර්ෂණීය කරමින් දියමන්ති සහ නිල් මැණික් සහිත Piaget මාලයක් ද එක්කර තිබිණි.

නොවැම්බර් 13 වැනිදා ඩුබායිහි Delano Dubai, Bluewaters හි පැවැති පළමු Vogue Arabia Ball: Art Edition උළෙලේ ප්‍රධාන තේමාව වූයේ ‘Unity Through Art and Fashion’ හෙවත් කලාව සහ විලාසිතා ඔස්සේ එකමුතුකම සැමරීමයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තඹ රැහැන් පද්ධතිය නවීකරණයේ දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් අත්හිටුවූ බවට අනාවරණයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකාව පුරා...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි !

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම්...

කංචන වෙනුවට විජේසේකර පවුලේ තවත් සාමාජිකයෙක් මාතරින් දේශපාලනයට ?

තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බවත් නැවත දේශපාලනයට සම්බන්ධවීමේ...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු...