ඇමරිකාවේ උවමනාවට ඊශ්‍රායලයෙන් ටෙන්ඩර් නැතුව ඩ්‍රෝන මිලදී ගැනීම සඳහා හර්ෂ ද සිල්වා අවසර දුන්නේ ඇමරිකන් ඩීල් එකකටද ?

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා රුපියල් බිලියන 4.261ක (මිලියන 4,261) වියදමින් ඊශ්‍රායලයෙන් නිරීක්ෂණ ඩ්‍රෝන යානා හතරක් මිලදී ගැනීමේ රජයේ තීරණය මේ වන විට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දැඩි දේශපාලන කතිකාවතකට ලක්ව තිබේ. විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කෙරෙන මෙම ගනුදෙනුව පිටුපස ඇමරිකානු බුද්ධි අංශවල අවශ්‍යතාවක් පවතින බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වන අතර, පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඊට අනුමැතිය ලබා දීම පිළිබඳවද විවිධ මතභේද මතු වී ඇත.

රාවුෆ් හකීම් කළ බරපතළ චෝදනාව

2026 නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු අයවැය විවාදයට එක්වෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න කිරීම් කිහිපයක් මතු කළේය. තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව එකවරම ඊශ්‍රායලයෙන් මෙම යානා මිලදී ගැනීමට රජය හදිසි වූයේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
ඉරාන නෞකාවල ගමනාගමනය නිරීක්ෂණය කර ඒ පිළිබඳ බුද්ධි තොරතුරු ඇමරිකා එක්සත් ජනපදයට සැපයීමේ අරමුණින් මෙම ඩ්‍රෝන යානා මිලදී ගන්නා බවට තමන්ට සැක පවතින බව හකීම් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇමරිකානුවන් වෙනුවෙන් ඔත්තු බැලීමට යොදා ගැනීමට රජය සූදානම් වන්නේදැයි ඔහු එහිදී විමසා සිටි අතර, ගනුදෙනුවේ කොමිස් මුදල් හුවමාරු වීමේ අවදානමක් පවතින බවටද චෝදනා කළේය.

මුදල් කමිටු අනුමැතිය සහ හර්ෂ ද සිල්වාගේ භූමිකාව

මෙම ව්‍යාපෘතියට අදාළ පරිපූරක ඇස්තමේන්තුව 2026 නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය ලැබීමෙන් අනතුරුවය. මේ හේතුවෙන්, සභාපතිවරයා ලෙස හර්ෂ ද සිල්වා මහතා මෙම ගනුදෙනුවට ඉඩ ලබා දුන්නේ “ඇමරිකන් ඩීල්” එකකට අනුවද යන ප්‍රශ්නය සමාජ මාධ්‍ය සහ දේශපාලන වේදිකාවල සාකච්ඡාවට භාජනය වී තිබේ.

පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය අනුව, රජය විසින් ඉදිරිපත් කරන ඕනෑම පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පරීක්ෂාවට ලක් විය යුතුය. මෙහිදී කමිටුවේ කාර්යභාරය වන්නේ අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පවතින මූල්‍ය රෙගුලාසිවලට අනුකූලද යන්න සොයා බැලීමයි. මෙම ගනුදෙනුව සඳහා මහා භාණ්ඩාගාරයෙන් අලුතින් මුදල් වෙන් නොකර, මුදල් රෙගුලාසි 66 (FR 66) යටතේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නඩත්තු වැය ශීර්ෂයේ ඉතිරිවීම් යොදා ගැනීමට රජය පියවර ගෙන තිබීම නිසා එය අනුමත කල බව හර්ෂ ප්‍රකාශ කළද පසුගියදා හර්ෂ ඇමරිකාවට ගියේ මේ පිළිබඳ කතාබහකටද යන්න සම්බන්ධයෙන් සජබය තුළම සංවාදයක් ඇතිවී තිබේ.

රජයේ ස්ථාවරය

විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ අවශ්‍යතා මත සිදු කරන්නක් බවයි. ඊශ්‍රායලයේ BlueBird Aero Systems සමාගම හරහා මිලදී ගන්නා මෙම යානා ශ්‍රී ලංකාවේ ගොඩබිම් ප්‍රමාණය මෙන් 27 ගුණයක් විශාල (වර්ග කිලෝමීටර් 517,000ක) අනන්‍ය ආර්ථික මුහුදු කලාපය නිරීක්ෂණය කිරීමට, සැකකටයුතු නෞකා හඳුනා ගැනීමට, අතුරුදන් වන ධීවරයන් සෙවීමට සහ ගංවතුර හා සුළි සුළං වැනි ආපදා අවස්ථාවලදී සහන සේවා සඳහා යොදා ගැනීමට නියමිත බව රජය අවධාරණය කරයි.

අවසන් විග්‍රහය

හර්ෂ හෙට උත්තර දෙයිද ?

රුපියල් බිලියන 4.26ක් වැනි විශාල මහජන මුදලක් වැය කිරීමේදී විවෘත ටෙන්ඩර් ක්‍රමය මඟහැර “හදිසි ප්‍රසම්පාදන” ක්‍රමවේදය භාවිත කිරීම පිළිබඳව මහජනතාවට වඩාත් විනිවිදභාවයකින් යුතුව කරුණු පැහැදිලි කිරීමේ වගකීම රජයටත් පාර්ලිමේන්තු මුදල් කමිටුවටත් පැවරී තිබේ.

එසේම සිරසට කෝටි දහයක් ලබා දීම පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කමිටුවර සිරස සහ සංචාරක අමාත්‍යාංශ බලධාරීන් කැඳවන ලෙස හර්ෂට සජබ කෘත්‍යාධිකාරී මන්ඩලය දැනුම් දී ඇත.

හෙට (16) හර්ෂ පාර්ලිමේන්තුවේ තම කතාවේදී මේ කරුණු දෙක ගැන කතා කරයිද ?

පිළිතුරු ලබාදීම හර්ෂගේ වගකීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමල් රාජපක්ෂගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායකවරයකු සහ හිටපු අමාත්‍යවරයකු වන...

ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින් එළැඹෙන සතියේ චීනයේදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකානු ජනාධිපති...

අග්බෝ ඇතු අනතුරේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: අග්බෝ ඇතු නිතර සැරිසරන...

2028 ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ Alexandria Ocasio

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රගතිශීලී වාමාංශික...