චීනයේ පළමු විදුලි ගුවන් යානා පරීක්ෂණය සාර්ථකයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW:

ටොන් 10ක විද්‍යුත් ගුවන් යානය සිය පළමු නියමු සහිත පියාසැරිය සාර්ථකව නිම කරයි

චීනයේ COMAC ආයතනය විසින් ස්වදේශීයව සංවර්ධනය කරන ලද ටොන් 10ක් බරැති CE-25A විදුලි වාණිජ ගුවන් යානය, ෂැන්ඩොං පළාතේ බින්ෂෝ හිදී එහි පළමු මිනිසුන් සහිත පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කරන ලදී.

නියමුවන් දෙදෙනෙකු සහ පරීක්ෂණ ඉංජිනේරුවරයෙකු රැගත් මෙම යානය විනාඩි 16කට අධික කාලයක් අහසේ රැඳී සිටිමින් කිලෝමීටර් 60ක් පමණ දුරක් ආවරණය කළේය.

මගීන් 19 දෙනෙකුට රැගෙන යා හැකි ලෙස නිර්මාණය කර ඇති මෙම නව විදුලි ගුවන් යානය, අන්තර් නගර ගමන් සඳහා විශේෂයෙන් සකසා ඇති අතර එය හරිත ගුණයෙන් යුත් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරකි.

CATL සහ ෂැංහයි ජියාඕ ටොං විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන සමඟ හවුල්කාරීත්වයෙන් නිපදවන ලද මෙම යානය, මීට පෙර මිනිසුන් රහිත පරීක්ෂණ 19ක් සාර්ථකව අවසන් කර තිබුණි.

මේ වන විට චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය විසින් මෙම යානය සඳහා වන වර්ගයේ සහතික පත්‍ර අයදුම්පත භාරගෙන ඇති අතර, එය හරිත ගුවන් සේවාවන් ප්‍රවර්ධනය කිරීමෙහිලා සහය වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තා රග්බි ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු කාන්තා රගර් ලීග්...

දිවුලපිටියේ ගින්න නිවීමට ගුවන් හමුදාවේත් සහය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: දිවුලපිටියේ පිහිටි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය...

ආසියාවේ පළමු Eurovision සංගීත කිරුළ පිලිපීනයට! 19 හැවිරිදි කාර්මෙල්ගේ ‘Sobra-Sobra’ ගීතය රටවල් 11ක් අභිබවා ජයගනී!

සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): ආසියානු සංගීත ක්ෂේත්‍රයට...

චමල් රාජපක්ෂගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායකවරයකු සහ හිටපු අමාත්‍යවරයකු වන...