රජය ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ නැවෙන ගොඩබාන මිලටත් වඩා අඩුවෙන් බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
“කහපාට ගෑස් සමාගම මිල වැඩි කළා. අපි වැඩි කළාද නිල පාට ගෑස් ? වැඩිකරලා නෑ. දැන් ජනතාවට රජයේ අපේ ගෑස් අපි ජනතාව වෙනුවෙන් අඩුකරලා දෙන්නෙ. දැන් තෙල් ටික ඕගොල්ලන්ට දෙන්නෙ බිලියන ගාණක් මාසෙකට රජය වියදම් කරගෙන වැඩිපුර වියදම. දැන් ඒගොල්ලො කියනවානෙ තෙල් නැවෙන් බාන ගාණට දෙන්න කියලා. තෙල් ගාන ගාණට දුන්නොත් ඔයිට වැඩිය වැඩිවෙනවා තෙල් මිල. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවට ගොඩක් සහන දෙනවා, වැටුප් විතරක් නෙවෙයි මේ වැඩි කළේ”
ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ පසුගිය වසරේ දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් නිකවැව, අටකොටස, සමගි අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (15) පැවති උත්සවයක් අමතමිනි.
කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසන ආකාරයට නැවෙන් බාන මිලට අඩුවෙන් ඉන්ධන ලබාදීමක් සිදුනොවන අතර ඩීසල් සඳහා පමණක් ඉන්ධන මිල සූත්‍රයට අනුව නැවෙන් ගොඩබාන මිලට බදු, බෙදාහැරීමේ වියදම් ද එකතු කර සකස් වෙන ඩීසල් ලීටරයක මිලට මහාභාණ්ඩාගාරයෙන් රුපියල් 70ක සහනාධාරයක් ලබාදීම සිදුකෙරේ.


