දේශපාලනයෙන් පස්සෙත් යන්න තැනක් තිබීම ….

කංචන විජේසේකර ඇත්තටම අපි දැනගත්තේ ගෝඨාගේ පාලන කාලයේ නෙවෙයි. රනිල්ගේ කාලයේ. අරගලයෙන් පස්සේ පොහොට්ටුව එක්ක පිහිටවපු ආණ්ඩුවේ කංචන ඇතුළු ගෝඨා කැබිනෙට්ටුවේ මිනිස්සු ගොඩක්ගෙන් වැඩ ගන්න රනිල් සමත් වෙනවා. කංචනල ගෝඨා කැබිනට් එකේ හිටියත් එයාලගෙන් ඒ තිබ්බ අර්බුදය සමනය කරගන්න ගෝඨාට හැකිවෙන්නේ නැහැ. හැබැයි රනිල්ට හැකිවෙනවා.

ලංකාවේ මතුවෙච්ච අඳුරුම අර්බුදයක් යන්තම් පණගහන ලෙවල් එකකට ගෙනාවේ රනිල්. ඒක මම හැමදාම කියනවා. සහ ඒ වෙලාවේ වැදගත්ම කැබිනට් ඇමති කෙනෙක් හැටියට කංචන ලොකු දෙයක් කළා. විශේෂයෙන් බලශක්ති අර්බුදය සමනය කරන්න. එයා ඒක ඒ වෙලාවේ හැටියට කළා. ඒ සැලියුට් එක අපි එයාට තියන්න ඕනි.

ඒ සියල්ල එක්ක කංචන නැවත දේශපාලනයට එන්නේ නැති කතාවක් කියල තියනවා සහ ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතය වෙත නැවත යන කතාවකුත් කියල තියනවා. ඇතැම් අත්දැකීම් අපි සහමුලින්ම වෙනස් ජීවිත හැරවුම් වෙත අරන් යනවා කියල ඔහු ඔහුගේ සටහන අවසන්කරලා තිබ්බ. මම හිතන්නේ අරගලය සහ පශ්චාත් අරගලය කියන දෙකේම අත්දැකීම් සහ ඉනුත් පස්සේ දැන් සිද්ද වෙන අමුතුම දේවල් ඔහු වෙනස්ම මඟක් වෙත යොමුකරන්න ඇති.

මට ඔහුගේ තීරණයේ වැදගත්ම දේ තමයි දේශපාලනය අතහැරියට පස්සෙත් ඔහුට යන්න දිශාවක් තිබීම. ඒක අර ෆුල්ටයිමර් කෙනෙක්ට වඩා වැදගත් දෙයක්. යමකින් පසුබහින්න ඕනි නම් එසේ කිරීම සඳහාත් අවකාශයක් තමන්ගේ පැවැත්ම – අධ්‍යාපනය -වෘත්තික බව තුළ තිබීම මුළු ජීවිතේම දේශපාලනයම කරලා ගල්ටික් වෙලා වෙන කරන්නත් දෙයක් නැතුව අන්තිමට අවුරුද්ද අවසානයේ අපිටත් තෑගී ගේන්න කියල හිඟාකන මට්ටමට වැටෙනවට වඩා නම්බුයි!

සමුගත්ත කිව්වට පස්සෙත් මෙච්චර මිනිස්සු කතාවෙනවා කියන්නෙම වෙනම වයිබ් එකක් …

කංචන, අලුත් ප්‍රාර්ථනා එසේම ඉටුවේවා !

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවෙන් බාන ගාණට දුන්නොත් ඔයිටත් වඩා තෙල් මිල වැඩිවෙනවා – ඇමති TB

රජය ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ නැවෙන ගොඩබාන මිලටත් වඩා අඩුවෙන්...

ඇම්බර් හර්ඩ් සමඟ අධිකරණ සටන්වලින් පසු ජොනී ඩෙප්ගේ හොලිවුඩ් පුනරාගමනය; ‘Ebenezer’ චිත්‍රපටයෙන්!

සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): හොලිවුඩයේ කලක් ඉහළම ජනප්‍රියත්වයක්...

කක්ෂගත ගමන නිමවා පෘථිවියට ආ Starship යානය ගුවනේදීම අල්ලාගනී – SpaceX වෙතින් ඓතිහාසික මෙහෙයුමක්!

සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත්...

ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලක්දනවි සමාගමට ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක්!

ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලක්දනවි සමාගමට ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක්!