ලාෆ්ස් ගෑස් සමාගමේ ලොක්කන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කැඳවීමක්

සටහන – රුවන් නෙළුගොල්ල

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අද (16) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවට කැඳවා තිබේ.

ඒ, ලාෆ්ස් ගෑස් මිල ගණන් විශාල අගයකින් ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ය.

ඒ අනුව, අද පෙරවරු 10.00 ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙසයි ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ලාෆ්ස් ගෑස් සමාගම පසුගිය 13 වනදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර එහිදී මෙතෙක් රුපියල් 4,965ක්ව පැවැති කිලෝගෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,740ක් දක්වාත් මෙතෙක් රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,720ක් දක්වාත් වැඩිකර තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවෙන් යළි ප්‍රහාරයක් එල්ල වීමට පෙර ඉරානය පළමුව ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඇමෙරිකා එක්සත් ජනපදය...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – වැසි තත්වයේ වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක...

දේශපාලනයෙන් පස්සෙත් යන්න තැනක් තිබීම ….

කංචන විජේසේකර ඇත්තටම අපි දැනගත්තේ ගෝඨාගේ පාලන කාලයේ නෙවෙයි....

නැවෙන් බාන ගාණට දුන්නොත් ඔයිටත් වඩා තෙල් මිල වැඩිවෙනවා – ඇමති TB

රජය ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ නැවෙන ගොඩබාන මිලටත් වඩා අඩුවෙන්...