විපක්ෂ නායක සජිත් කථානායකවරයාගෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW:

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ යෝජනාවට මෙතෙක් තීරණයක් ගෙන නොමැති නිසා සිය වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවට කතානායකවරයා වෙත ලිපියක් බාර දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කරන ලදි.

2026 ඔක්තෝබර් 16 වැනිදා කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම, අදාළ පාර්ශ්වයන් සිය වගකීම් නිසි පරිදි ඉටු කළේද යන්න විමර්ශනය කිරීම සහ අනාගතයේදී මෙවැනි ඛේදජනක සිදුවීම් වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා තිබේ.

ඒ සඳහා තමන් ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සකස් කළ යෝජනාව 2026 ඔක්තෝබර් 23 වැනිදා කථානායකවරයා වෙත නිල වශයෙන් භාර දුන් බව විපක්ෂ නායකවරයා මෙම ලිපිය තුළින් සඳහන් කරයි.

එහෙත් එම යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවස්ථා තුනකදී රැස්වී තිබුණද කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ඉන් අනතුරුව ඉදිරිපත් කළ වෙනත් යෝජනා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් කතානායකවරයා හමුවේ අද පැවසීය.

කාවන්තිස්ස හස්තියාගේ මරණය ඇතුළු වනජීවී සම්පත් සම්බන්ධයෙන් පවතින ජාතික වැදගත්කම සහ හදිසි අවශ්‍යතාව පිළිබඳව ආණ්ඩුව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවට මෙයින් සාධාරණ සැකයක් මතුවන බවද විපක්ෂ නායකවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

තවද, මෙම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට සිය දායකත්වය ලබාදීමට තිබූ අවස්ථාව අහිමි වීම කනගාටුදායක තත්ත්වයක් බවත් මෙම ක්‍රියාකලාපය හේතුවෙන් විපක්ෂ නායකවරයා ලෙස තමන් වෙත පැවරී ඇති ව්‍යවස්ථානුකූල හා පාර්ලිමේන්තුමය වගකීම් ඉටු කිරීමටත්, පාර්ලිමේන්තු කටයුතු සඳහා අර්ථවත් හා ඵලදායී ලෙස සහභාගී වීමටත් බාධා සිදුව ඇති බවත් ඒ අනුව, අදාළ ක්‍රියාකලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනතේ විධිවිධාන යටතේ සලකා බලා, මෙම පැමිණිල්ල ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක ආදායමේ වැඩිවීමක් පෙන්නු කළත් පැමිණි සංචාරකයින්ගේ අඩුවීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඔක්තෝබර් මාසයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති...

නාමල්ව අදත් අධිකරණයට රැගෙන එයි – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමකටත් අධිකරණයෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර...

අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 2,676 දෙනෙකු පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: රට පුරා පවතින අයහපත්...

සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ කුටියක් අනුරාධපුරයේදී විවෘත කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා...