ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16:
ඉන්දියාවේ ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් නම් ඉවත් කෙරුණු ඇතැම් මුස්ලිම් ජනතාවට අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ රටින් පිටුවහල් කිරීම්වලට මුහුණදීමට සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

ඉන්දියාව පුරා ක්‍රියාත්මක කළ මෙම දැවැන්ත ඡන්ද නාමලේඛන සංශෝධනයේදී මිලියන 130ක පමණ පුද්ගල නාම ඉවත් කර ඇති අතර එය එරට ඉතිහාසයේ සිදුකළ විශාලතම ඡන්ද නාම ඉවත් කිරීමේ ක්‍රියාවලිය ලෙස සැලකේ.

මෙහිදී විශේෂයෙන් බටහිර බෙංගාල ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව අසමානුපාතික ලෙස බලපෑමට ලක්ව ඇති බව වාර්තා වේ. එම ප්‍රාන්තයේ ජනගහනයෙන් සියයට 27ක් පමණ මුස්ලිම්වරුන් වුවද, සමාලෝචනයෙන් පසු ඉවත් කළ නම් මිලියන 2.7කින් සියයට 70ක් පමණ මුස්ලිම් ජනතාවගේ නම් බව සඳහන් වේ.

මේ අතර, ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය (BJP) නීත්‍යනුකූල ඉන්දියානු පුරවැසියන් ඉලක්ක කරගනිමින් කටයුතු කරන බවට චොදනා එල්ල වී ඇති අතර ඡන්ද හිමිකම්, පුරවැසිභාවය සහ සංක්‍රමණිකයන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ මතුව ඇති මෙම තත්ත්වය මානව හිමිකම් සහ නීතිමය අයිතිවාසිකම් පිළිබඳ පුළුල් සංවාදයකට ද හේතු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි

කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...

Avengers: Doomsday බලන්න යනවා ද? නැරඹීමට පෙර මෙය කියවන්න!

Avengers: Doomsday බලන්න යනවා ද? නැරඹීමට පෙර මෙය කියවන්න!

සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත CCIB අත්අඩංගුවට !

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත...