බිත්තර මිලත් ඉහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

උත්සව සමය ළංවීමත් සමග මේ වනවිට වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබේ.

මේ වනවිට වෙළෙඳපොලේ බිත්තරයක් රුපියල් 42ත් 45ත් අතර මිලකට අලෙවි වන බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා සඳහන් කළේ.

“අධික වර්ෂාව නිසා දේශගුණික තත්ත්වය වෙනස් වුණා. ඒකෙන් 80%ක් විතර නිෂ්පාදනය කළ සත්තු 50 % – 60%ට අඩුවුණා. අනික පහුගිය ටිකේ සත්ත්ව නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු වගේ අමුද්‍රව්‍ය මිලත් ඉහළ ගියා. ඒ නිසා නිෂ්පාදන වියදම වැඩිවෙලා. ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන උත්සව සමය නිසා බේකරි නිෂ්පාදනවල වැඩ පටන් ගෙන තියෙනවා. ඒ නිසා බේකරිවලටත් බිත්තර වැඩිපුර යනවා. මේ නිසා තමයි බිත්තර මිල වැඩි වීමක් තියෙන්නේ. ඉල්ලුම හා සැපයුම නිසා මිල වැඩිවීමක් මිසක් කෘත්‍රීම මිල වැඩිවීමක් අපිට පේන්නේ නෑ”

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල දැනටමත් රුපියල් 46 – 48 තරම් ඉහළ ගොස් ඇති බවත් වාර්තා විය.

මේ අතර, මෙම බිත්තර මිල ඉහළ යාම ලබන වසරේ ජනවාරි මාසය දක්වා පැවතිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.

පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග එළවලු සහ මාළු මිල ගණන් ද ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගික ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලීසියේ අරක්කු ඉල්ලීම් ගැන කියූ මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපතිට CCIBයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතාව...

යුරෝපා රටවල් පහක් එක්ව නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට රුවන්ඩාවේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: නීතිවිරෝධී ලෙස...

අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට 640km දුරින් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද...

සිරගෙය තුළ මිය යාමට පෙර ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය...