කහවත්ත මූලික රෝහලේ ගින්නක්!

කොළඹ LNW:කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා දමා තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

අද (17) අලුයම 3.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පැයක පමණ කාලයක් පුරාගින්න පැතිර ගොස් ඇති බව සඳහන්.

ගින්න නිවා දැමීම සඳහා රත්නපුර නාගරික ගිනි නිවීමේ ඒකකය ද කැඳවා තිබේ.

ගිනිගත් ගොඩනැගිල්ල මීට පෙර නේවාසික රෝගීන්ගේ වාට්ටුවක් ලෙස භාවිත කර ඇති අතර, පසුව නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමත් සමඟ එම වාට්ටුව නව ගොඩනැගිල්ල වෙත මාරු කර තිබේ.

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට ද සැක පළ කරයි.

කෙසේවෙතත්, ආරක්ෂිත පියවරක් ලෙස අද අඵයම 04ට පමණ විදුලිබල මණ්ඩලය විසින් ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරිමට ද පියවර ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොවැ. 20 සිට මදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන මාර්ගය රාත්‍රී කාලයේදී වසා තැබේ.

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: පනිජ්ජ ඔය සහ කන්දේගම...

කාවන්තිස්ස වෙනුවෙන් සජිත් පිංකම් රැසක!

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් කාවන්තිස්ස හස්තියා...

LAUGFS Gas නිලධාරීන් අද වෙළඳ අමාත්‍යවරයා හමුවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: නිල දැනුම්දීමක් ලැබීමෙන් අනතුරුව,...

වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද!

කොළඹ LNW:වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (17) රාත්‍රියේ ජනතාවට...