කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් කාවන්තිස්ස හස්තියා සිහිපත් කරමින් පින්කම් මාලාවක් ගල්ගමුවේදී සංවිධානය කර තිබේ.
ආසියාවේ උසම හස්තියා වූ කාවන්තිස්ස මහා හස්තියා සිහිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් සහ සහභාගිත්වයෙන් ගල්ගමුව බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේ දී විශේෂ ආගමික පින්කම් මාලාවක් නොවැම්බර් 16 සහ 17 යන දෙදින පැවැත්වේ.
ඒ අනුව නොවැම්බර් 16 වැනිදා (ඊයේ) රාත්‍රී 7.00ට විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු කළ අතර එම ධර්ම දේශනාව මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහ නිකායේ කුරුණෑගල මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, මීගලැව සුබෝධි සෙනසුන ඇතුළු සෙනසුන්හි අධිපති, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය රාජාංගණයේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබීය.
එමෙන් ම නොවැම්බර් 17 වැනිදා (අද) මහා සංඝරත්නය විෂයෙහි දවල් දානය පිරිනැමීමේ පින්කමක් ද සංවිධානය කර තිබේ. මෙම පින්කම් මාලාව බුදුරුවකන්ද රජමහා විහාරාධිපති, හිටපු නියෝජ්‍ය විදුහල්පති සහ සිරිසිදුහත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය ශ්‍රී හේරත්ගම උපනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධානය කෙරේ. විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය පන්නල අමිතානන්ද ස්වාමීන් වහන්සේ ද මෙම සඳහා එක් විය.
කාවන්තිස්ස හස්තියාගේ මතකය සිහිපත් කරමින් පැවැත්වුණු මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට විශාල පිරිසක් ද එක්ව සිටි අයුරු දැකගත හැකිවිය.



