කොළඹ වරාය නගරය ගැන ගත් තීරණය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW:

  1. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම පිණිස 2026-09-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අදාළ වන බදුවලින් නිදහස් කිරීම සහ දිරිගැන්වීම් ලබා දීමට හැකි වන පරිදි ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරමින් 2026-09-23 දිනැති හා අංක 2507/47 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් නියමයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නැවතත්…

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : රුවන්පුර අධිවේගී මාර්ගයේ...

පෙරමුණු හතරක සටනක් වූ “නසසප මුල මැද අග සහ මම”

නොවැම්බර් 17, කොළඹ LNW : "ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය" යන...

වායුගෝලයේ ගුණාත්මකභවයේ පහළ වැටීමක් – ආසාත්මිකතා ගැන අවධානයෙන් ඉන්න

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස්...

Jeffrey Epsteinගේ මරණය මිනීමැරුමක්ද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: ජෙෆ්රි එප්ස්ටීන්ගේ මරණය සියදිවි...