සටහන – රුවන් නෙළුගොල්ල
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් අඩුකිරීමට එම සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 5,995ක් දක්වා රුපියල් 745කින් අඩු කර ඇත.
එමෙන්ම රුපියල් 2720ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.
වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙසේ ගෑස් මිල අඩුකිරීමට තීරණය කළ බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.




