බහරේනයේ ඇමරිකානු රේඩාර් පද්ධතියට එල්ල කළ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17:
බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා රේඩාර් පද්ධතියක් ඉලක්ක කරමින් ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට බහරේන ගුවන් ආරක්ෂක පද්ධති සමත්ව තිබේ. නොවැම්බර් 17 වැනිදා අලුයම් කාලයේ සිදුවූ මෙම ප්‍රහාරයත් සමඟ මාස දෙකකට ආසන්න කාලයක් සාපේක්ෂව නිහඬව පැවති ගල්ෆ් කලාපයේ යළිත් යුදමය උණුසුම ඉහළ ගොස් ඇත.

මෙය පසුගිය දින කිහිපය තුළ බහරේනයේ ඇමරිකානු හමුදා ඉලක්ක වෙත එල්ල වූ තුන්වැනි ඉරාන ප්‍රහාරය ලෙස සැලකේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ප්‍රකාශ කර ඇති අතර, එහි ඉලක්කය වී ඇත්තේ බහරේනයේ ෂෙයික් ඊසා (Sheikh Isa) ගුවන් හමුදා කඳවුරේ පිහිටි ඇමරිකානු රේඩාර් පද්ධතියකි.

ඉරාන ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ ඇමරිකානු හමුදා විසින් ඉරාන ගුවන් සීමාවට සිදුකරන බව කියන උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මේ අතර, ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) සඳහන් කර ඇත්තේ ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානා කිහිපයක්ම අතරමඟදී විනාශ කිරීමට හැකි වූ බවයි. එම ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා උපකරණවලට හානි සිදුවී නොමැති අතර කිසිදු හමුදා සාමාජිකයකුට තුවාල සිදුවී නොමැති බවද එම විධානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. බහරේනය ඇමරිකානු නාවික හමුදාවේ පස්වැනි බලඇණියේ (U.S. Fifth Fleet) මූලස්ථානය පිහිටි රට වන අතර, පර්සියානු බොක්ක සහ ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ ඇමරිකානු හමුදා මෙහෙයුම් සඳහා එය උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයකි.

මෙම ප්‍රහාරයත් සමඟ ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය උණුසුම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ. එමෙන්ම ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ද මෙම තත්ත්වය දැඩි අවධානයට ලක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට නව මුළුතැන්ගෙයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ...

ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

මිලියන 5ක TikTok රසිකයන් පිරිසක් ඉන්න Spud Bros මුණගැහෙන්න ගිය චාල්ස් රජු; කැමතිම Add-ons ටිකත් හෙළි කරයි!

සටහන – පුලීනොවැම්බර් 17, LNW (කොළඹ): එංගලන්තයේ තුන්වන චාල්ස්...

සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින්...