ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් 20,000කට ආසන්න පිරිසක් විවිධ රෝගවලට ගොදුරුව මියයන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩසටහන් අධ්යක්ෂ අමරනාත් තැන්න මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.
මෙරට ජනගහනයෙන් සියයට 20ත් 22ත් අතර ප්‍රමාණයක් මද්‍යසාර භාවිතයට යොමුව සිටින අතර, ඒ වෙනුවෙන් දිනකට රුපියල් කෝටි 56ක පමණ මුදලක් වැය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතයෙන් ඇතිවන සමාජීය බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සතු වගකීම පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබේ.


