ඥානසාර හිමිගේ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.

අදාළ දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

2016 මාර්තු 30 වන දින කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති කූරගල විහාරස්ථානය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකදී පළකරන ලද අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නඩුව පවරාතිබුණි.

එම චෝදනාවලට වැරදිකරු කරන ලද ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළේය.

එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේන්ද්‍ර සිං දෝනි: ක්‍රිකට් පුරාවෘත්තයක අසමසම ගමන!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: මහේන්ද්‍ර සිං දෝනිගේ අසමසම...

දිගුකාලීන වනඅලි – මිනිස් ගැටුමට සහ වනජීවී ගැටලුවලට කඩිනම් හා විද්‍යාත්මක විසඳුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: තංතිරිමලේ සහ ඒ අවට...

බාල වයස්කරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් භික්ෂුවකට වසර 8ක සිර දඬුවමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: සිවුරු දරා සිටි විත්තිකරුවෙකු,...