අභියාචනය ප්‍රතික්ෂේපයි – ශෂී වීරවංශගේ වසර දෙකක සිර දඬුවමත් බලාත්මක වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නීති විරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කර තිබේ.

එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකාබැලීමෙන් අනතුරුව එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ප්‍රකාශ කළේය.

විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශව වහාම රිමාන්ඩ් භාරයට පත්කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේන්ද්‍ර සිං දෝනි: ක්‍රිකට් පුරාවෘත්තයක අසමසම ගමන!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: මහේන්ද්‍ර සිං දෝනිගේ අසමසම...

දිගුකාලීන වනඅලි – මිනිස් ගැටුමට සහ වනජීවී ගැටලුවලට කඩිනම් හා විද්‍යාත්මක විසඳුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: තංතිරිමලේ සහ ඒ අවට...

බාල වයස්කරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් භික්ෂුවකට වසර 8ක සිර දඬුවමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: සිවුරු දරා සිටි විත්තිකරුවෙකු,...