නාමල්ට ලැබුණු ඇපය වළක්වමින් අතුරු තහනම් නියෝගයක් !

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව ඇප මත නිදහස් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාළමින් කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අල්ලස් කොමිසම විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් අද (18) දිනයේදී කැඳවූ අවස්ථාවේදී ය.

කොළඹ කොටුවේ පිහිටි ට්‍රාන්ස්වර්ක්ස් (Transworks Square) ඉඩම ක්‍රිෂ් සමාගමට ලබා දීමේ ගනුදෙනුවට අදාළව අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වී ඇති අතර ඊට අදාළව 2026 සැප්තැම්බර් 04 වනදා ඔහුව අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. පසුව නොවැම්බර් 03 වනදා ඔහුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබිණි.

එම ඇප නියෝගය දෝෂ සහිත බව පවසමින් එය බලරහිත කර නාමල් රාජපක්ෂව නඩුව අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් අද දිනයේදී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

එසේම පෙත්සමට අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට ද නියම කළ විනිසුරුවරයා වගඋත්තරකාර පාර්ශවයේ විරෝධතා දෙසැම්බර් 8ට සහ පෙත්සම්කාර පාර්ශවයේ විරෝධතා ජනවාරි 18 කැඳවිමට ද නියම කළ අතර පෙත්සම විභාගය සඳහා 2027 පෙබරවාරි 05 වනදා කැඳවීමටත් නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේන්ද්‍ර සිං දෝනි: ක්‍රිකට් පුරාවෘත්තයක අසමසම ගමන!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: මහේන්ද්‍ර සිං දෝනිගේ අසමසම...

දිගුකාලීන වනඅලි – මිනිස් ගැටුමට සහ වනජීවී ගැටලුවලට කඩිනම් හා විද්‍යාත්මක විසඳුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: තංතිරිමලේ සහ ඒ අවට...

බාල වයස්කරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් භික්ෂුවකට වසර 8ක සිර දඬුවමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: සිවුරු දරා සිටි විත්තිකරුවෙකු,...