ගැටගසා බහින ඉර බිලීපිත්තක
බස්සවා මුහුදට
තරුණ කිඳුරෙක් අල්ලන එකයි
මගෙ එකම කැමැත්ත
බැරිවෙලාවත්
අල්ලගත් කිඳුරා
සාංකාවෙන් වැලපුනොත්
ඔහු නැවත ඇරලවා මුහුදට
විරහ කවි ලියන එකයි
අවසාන කැමැත්ත …….
එහෙම නැත්තං,
පොකුණකට වැටුනු තරු එළි දෙකක්
රහස් මල්ලකට දාගෙන
අන්ධ කවියෙකුට තෑගිදෙන එකයි
මගෙ එකම කැමැත්ත
බැරිවෙලාවත්
තරු එළි අහිමි ශෝකෙන්
පොකුණුතෙර වැලපුනොත්
මගේ ඇස් එතැනින් තියා
පිටවෙලා යන එකයි
අවසාන කැමැත්ත …….
~ දිනූ රාජගුරු


