ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්!

කොළඹ LNW:ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදක්වන බව ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) චීනයේ Shenzhen නගරයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමු වූ අවස්ථාවේදී. APEC ආර්ථික නායක සමුළුවට සහභාගි වීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටිනවා.

චීන පාර්ශ්වයෙන් තමාට ලැබුණු උණුසුම් පිළිගැනීම පිළිබඳව Donald Trump මහතා සිය ස්තුතිය පළ කළා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනගා ගත වූ වසර 40කට වැඩි කාලයක් තුළ ඇමරිකාව හා චීනය අතර සම්බන්ධතාවය කැපී පෙනෙන ප්‍රගතීන් ලබා ඇතැයි ඔහු පැවසුවා. ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ තමා සමීප සබඳතාවක් පවත්වාගෙන යන බවත් එම මිත්‍රත්වය දිනෙන් දින පුළුල් වූ බවත් ඔහු සඳහන් කළා.

දෙරට අතර වෙළඳ සහ ආයෝජන සබඳතා අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතින අතර, ෆෙන්ටැනයිල් ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව ද ප්‍රතිඵල අත්කර දී තිබෙනවා. දෙපාර්ශ්වය දෙරට සබඳතාවල පවතින ස්ථාවරත්වය සහ එහි ගම්‍යතාව ඉදිරියට ගෙන යමින්, කෘෂිකාර්මික නිෂ්පාදනය, බලශක්තිය සහ සුපිරි බුද්ධිය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කළ හැකි යැයි ඔහු පෙන්වා දුන්නා.

APEC ආර්ථික නායක සමුළුව සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු චීනයට සුබ පැතුම් එක් කළා. ඇමරිකාව සහ චීනය යන රටවල් දෙකම ඉතා බලවත් ජාතීන් වන අතර, ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට එම රටවල් දෙක එක්ව නායකත්වය ලබා දිය යුතු බව ද ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2008 ඝාතන සිද්ධියකට EPDP සාමාජිකයන් 8 දෙනෙකුට මරණ දඬුවම!

කොළඹ LNW:2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බල ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ්...

38 හැවිරිදි යතුරුපැදිකරු මහරගමදී දුම්රියක ගැටීමෙන් මරුට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මහරගම පොලිස් වසමේ නාවින්න...

නුවරඑළියෙන් බිහිවූ පළමු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයා: ටී.එෆ්.සූඩීන්ගේ කතාව

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මීදුමෙන් වෙළුණු සිහිල් තේ...

ශ්‍රී ලංකාවට ගෙනයාමට සූදානම් කළ හෙරොයින් කිලෝ 71ක් සමඟ චෙන්නායිහිදී දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී...