රන් මිල පහතට!

කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින අතර මේ වනවිට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,526ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 3,500 සීමාවට ආසන්න වී ඇති අතර මෙම තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ රන් මිල ද අද (20) රුපියල් 7,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

අද පෙරවරු 10.00ට යාවත්කාලීන කළ මිල ගණන් අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 345,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 317,400ක් ලෙසත් සටහන් වී තිබේ.

ඊයේ දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 352,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 323,800ක් ලෙසත් පැවතිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු තානාපති කාර්යාලයෙන් කොළඹ මහ නගර සභාවට ග්‍රන්ථ පරිත්‍යාගයක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: රුසියානු තානාපති කාර්යාලය විසින්...

මාතලේ පොලිසියේදී සැකකරුවෙකු මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මාතලේ පොලිස් ස්ථානයේ රඳවා...

මන්ත්‍රී චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ඉවතට.ක්‍රිෂ් ගණුදෙනුවට ජානකී යළි රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින...

2008 ඝාතන සිද්ධියකට EPDP සාමාජිකයන් 8 දෙනෙකුට මරණ දඬුවම!

කොළඹ LNW:2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බල ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ්...