ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (20) සම්මත විය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ද ලැබුණි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12වැනිදා අයවැය කතාව ඉදිරිපත්කරනු ලබූ අතර පසුගිය 13 දින සිට අද දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විය.
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වේ.
තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනය ද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීම සිදුවෙයි.


