GTA 6 ආව ගමන් ලෝකයම පිස්සු වැටෙයි! පැය 24ක් යන්නත් කලින් ඩොලර් බිලියන 3.8ක වාර්තාගත ආදායමක්!

සටහන – පුලී
නොවැම්බර් 
21, LNW (කොළඹ):ලෝකයම බලාගෙන හිටපු Grand Theft Auto 6 (GTA 6) වීඩියෝ ක්‍රීඩාව නිකුත් වීමත් සමඟ gaming ලෝකයේ දැවැන්තම ආදායම් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. නිකුත් වී පළමු සම්පූර්ණ දිනය අවසන් වන විට පමණක් ඩොලර් බිලියන 3.8ක (රුපියල් බිලියන ගණනක) දැවැන්ත ආදායමක් උපයා ගැනීමට GTA 6 සමත් වී ඇති බව එහි මව් සමාගම වන Take-Two Interactive පවසනවා. ඒ අනුව චිත්‍රපට, සංගීතය සහ අනෙකුත් සියලුම විනෝදාස්වාද ක්ෂේත්‍ර අභිබවා යමින් ඉතිහාසයේ දැවැන්තම Entertainment Launch එක බවට GTA 6 පත්ව තිබෙනවා.

මේක නිකම්ම Game එකක් නෙවෙයි, සමහරුන්ට නම් අවුරුදු ගණනාවක් බලාගෙන හිටපු ජීවිතයේ ලොකුම Event එකක්! ක්‍රීඩාව නිකුත් වීමටත් පෙර පිටපත් මිලියන 32.5ක් පෙර ඇණවුම් කර තිබීමෙන්ම රසිකයන්ගේ උණුසුම කොතරම්ද කියලා හිතාගන්න පුළුවන්. තවත් විශේෂත්වයක් වන්නේ මේ ආදායම ලබාගැනීමට GTA 6 ට ගත වී ඇත්තේ පළමු සම්පූර්ණ දිනය පමණක් වීමයි.

සංසන්දනය කර බැලුවොත්, මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය ලෙස සඳහන් වන Spider-Man: Brand New Day චිත්‍රපටය සිය මුළු සිනමා ප්‍රදර්ශන කාලය තුළ උපයාගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක්. හැබැයි GTA 6 නම් සිනමා ශාලාවක ප්‍රදර්ශනය වීමටවත් අවශ්‍ය නැතුව පළමු දිනයේදීම ඒ වාර්තාවටත් අභියෝගයක් එල්ල කර තිබෙනවා. චිත්‍රපටයක් බලන්න පැය දෙකක් වෙන් කරන රසිකයන් දැන් Game එකක් වෙනුවෙන් පැය ගණන්, සමහරවිට නිදි වරාගෙනම කාලය ගත කරන බව නම් පැහැදිලියි!

මේ අතර GTA 6 නිකුත් වීමත් සමඟ අන්තර්ජාලයත් අමුතුම කලබලයකට ලක්ව තිබෙනවා. අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare අනාවරණය කර ඇත්තේ එක්සත් රාජධානියේ PlayStation 5 හරහා සිදුවූ Game Downloads සාමාන්‍ය මට්ටමට වඩා 8.6 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. GTA 6 මුලින්ම ලබාගත හැකි වූ නවසීලන්තයේ අන්තර්ජාල ක්‍රියාකාරකම්ද පැය හතරකට පෙර සිට 14.8 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ සමහරුන්ට Game එක කලින් ගහන්න රටේ වෙලාවත් මාරු කරගන්න තරම් උණක් තිබිලා!

ඕස්ට්‍රේලියාවේ Rockstar හි Online සේවාවන් වෙත පැමිණෙන අන්තර්ජාල ගමනාගමනය සාමාන්‍ය මට්ටමට වඩා 11.2 ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ එය 9.3 ගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ සියල්ල දෙස බැලූ විට GTA 6 නිකුත් වීමේදී ලෝකයේ සමහරුන්ගේ රැකියා, නින්ද සහ දෛනික වැඩකටයුතු පවා දෙවැනි තැනට ගියාද කියලා හිතෙනවා. කොහොම වුණත් Rockstar සමාගමට නම් මේක Game එකක් විතරක් නෙවෙයි, සල්ලි අච්චු ගහන මැෂිමක් බවට පත්වෙලා වගෙයි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහසත් පහුකරගෙන ගිය ලංකාවේ ලස්සන! NASA කැමරාවක සටහන් වූ අපේ පුංචි දිවයින!

සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): පෘථිවියේ කොතැනක සිට බැලුවත්...

තලවතුගොඩ ගින්නක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: තලවතුගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ පරණ...

APEC සමුළුවේ ෂී ජින්පින්ගේ කතාව මැද ට්‍රම්ප් ගත්ත පොඩි ‘පවර් නැප්’ එක!

සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): චීන ජනාධිපති ෂී...

බිඳවැටෙන ඩිජිටල් ලෝකය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: බැංකු කටයුතු, ගුවන් ගමන්...