“US FBI නිලධාරීන්” ශ්‍රී ලංකා පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW:

එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් කණ්ඩායමක්, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, සයිබර් වංචා සහ ජාත්‍යන්තර අපරාධ ජාලයන්ට එරෙහිව සටන් කිරීමේදී සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජිතයන් සමඟ FBI නිලධාරීන් සාකච්ඡා පවත්වා ඇත.

ඩිජිටල් සාක්ෂි සම්බන්ධ පුහුණුව සහ පොලිස් වැටලීම්වලදී සොයා ගන්නා සාක්ෂි භාවිතය ඇතුළුව, ජාත්‍යන්තර වංචා ජාලයන්ට එරෙහිව කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරිණි.

සයිබර් අපරාධ මැඩලීම සඳහා දේශීය විමර්ශකයන් සමඟ කටයුතු කිරීමට, FBI නිලධාරීන් කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම නිලධාරීන් අද දිනයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ...

කුසට සාගිනි, හදට සෝගිනි, පැලවත්තට ලැම්බෝගිනි, ජනතාවට බඩගිනි – කබීර්

මෙතෙක් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට රොල්ස් රොයිස් ඇතුළු අධිසුඛෝපභෝගී...

යුරෝපය සමඟ ආර්ථික හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : යුරෝපා සංගමය...

රොටුඹ අමිල සහ සංජය මහවත්ත එකම ගුවන් යානයෙන් ලංකාවට

රුසියාවෙන් මෙරටට පිටුවහල් කරන ලද සංවිධානත්මක අපරාධකරුවකු වන අමිල...