බදු වැඩිකිරීමට අපි විරුද්ධයි. දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA අනතුරු හඟවයි !

Date:

රජය විසින් ඉදිරිපත් කර ඇති ආදායම් බදු සංශෝධනය අසාධාරණ සහ අත්තනෝමතික බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙම බදු සංශෝධනය පරාජයට පත්කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්විය යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යමින් සිටින අතර ඔවුන් රට තුළ රඳවා ගැනීමට හැකිවන පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

එහෙයින් ආදායම් බදු ඉහළ නංවමින් ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් පනතේ සංශෝධන හකුළා ගැනීමට රජය ක්‍රියා නොකරන්නේ නම් වෘත්තීය සමිතියක් වශයෙන් දැඩි ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...