වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන – රුවන් නෙළුගොල්ල

වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන් රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂවරු දෙදෙනා දෙසැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.

ඒ, ඔවුන් දෙදෙනාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

කොළඹ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී තිබුණු පැමිණිලි 80ක් මත ඊයේ (20) දිනයේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

මහනුවර සහ කොහුවල පිහිටි මෙම සමාගම් දෙක මගින් වගා ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමෙන් ඉහළ ලාභාංශ ලබාදෙන බව පවසා පුද්ගලයින් 2500 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන වංචා කර ඇති බව සඳහන්.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මර්දනය නියත වශයෙන්ම ජයගන්නවා – ඇමති විජේපාලගෙන් සහතිකයක්!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා ආරම්භ...

FBI අපරාධ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඇමෙරිකානු ෆෙඩරල්...