රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW:
යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සිසුන් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ වාද විවාදයක් උත්සන්න වීම හේතුවෙන් ඊයේ (20) මෙම ගැටුම හටගත් බව පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් කැපුම් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සිසුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නොවැම්බර් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.


