අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් ජාතික විරෝධතා දිනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් වෘත්තීය සමිති රැසක් එක්ව හෙට (23) “ජාතික විරෝධතා දිනයක්” ප්‍රකාශයට පත්කර තිබේ.

ගුරු – විදුහල්පති, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ හෙද නිලධාරීන්, කාර්යාල සහායක, සමෘද්ධි නිලධාරීන්, පළාත් පාලන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙම විරෝධතාවට එක්වීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා,

“2024 ජුනි 20 වෙනිදා ලෝටස් වටරවුමේ උඩ නැගලා මහින්ද ජයසිංහ මහත්තයලා එදා කිව්වෙ මොකක්ද ? අපේ ආණ්ඩුව ඇවිල්ලා අපේ පළවෙනි රාජකාරිය ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳන එක කියලායි. හැබැයි ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 3ක් වෙනවා, දැන් කියනවා එහෙම විෂමතාවයක් තියෙන්න විදියක් නැහැ කියලා. එදා මොකක්ද කිව්වේ, අද මොකක්ද කියන්නෙ ? එදා හරිනි අමරසූරිය මොකක්ද කිව්වෙ, අද හරිනි අමරසූරිය මොකක්ද කියන්නෙ ? කලින් ආණ්ඩු කරනකොට හොඳ නැති දේවල් මේ ආණ්ඩුව කරනකොට හරි වෙන්නෙ නැහැ. මේ ආණ්ඩුව කරද්දීත් ඒක වැරදියි තමයි. ඒ නිසා 25,000ක දීමනාවක් ඉල්ලලා ජාතික විරෝධතාවය 23 වැනිදා අපි ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව උත්තර දෙන්න සූදානම් නැත්නම් අකමැත්තෙන් වුවත් ගුරුවරු සහ විදුල්හල්පතිවරු විදියට 30 වෙනිදා පාසල් පද්ධතිය වහන්න සිද්ධ වෙනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ...

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...