භාණ්ඩාගාරය මුදලින් පිරී ඉතිරී ගියාට ජනතා අත මුදල් නැත්නම් වැඩක් නැහැ – විපක්ෂ නායක සජිත්

තරුණ පරපුර තවදුරටත් කාටවත් අන්දවන්න නොහැකි බවත් 2019-2024 යන වසර දෙකේම මේ තරුණයන් රැවටුණු බවත් තරුණයන්ට ලබා දිය යුත්තේ පොරොන්දු පත්‍රිකාවක් නොව ස්වෝත්සාහයෙන් ව්‍යවසායන් ආරම්භ කිරීම බවත් ඒ සඳහා ප්‍රාග්ධනයට ප්‍රවේශයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයවැයක් ඉදිරිපත් කර විවිධ සංඛ්‍යලේඛන ඉදිරිපත් කරන රජය මෙවැනි වාහන ප්‍රදර්ශන නැරඹිය යුතු බවත් පසුගිය වසරට සාපේක්ෂව ජනතා සහභාගීත්වය අඩු බවත් මහා භාණ්ඩාගාරය පිරී ගියාට ජනතාව අත මුදල් පිරී නැති බවත් ජනතාව අත මුදල් නොමැති නම් එය විශාල ගැටලුවක් බවත් ව්‍යවසායකත්ව ව්‍යාපාර චක්‍රය ඇණ හිටින තැනක් වන්නේ ජනතාව අතේ මුදල් නොමැති වීම බවත් ආර්ථිකයක් ඉදිරියට යාමට නම් ජනතව අත මුදල් තිබිය යුතු වුවත් දැන් ජනතාව අත මුදල් නොමැති බව පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ BMICH හි පැවැති Colombo Motor Show හා එක්වෙමිනි.

රටේ බොහෝ දෙනාගේ හීනයක් වන්නේ වාහනයක් හිමිකර ගැනීම බවත් මේ Colombo Motor Show වැනි ප්‍රදර්ශනයක් පැවැත්වීම වැදගත් බවත් මින් ඔබ්බට ගොස් වාහන නිෂ්පාදන කර්මාන්තය අප රටට ගෙන ආ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ආයෝජන හිතකර පරිසරයක් තිබිය යුතුයි

මේ සඳහා අවශ්‍ය ආයෝජන හිතකර පරිසරයක් රටේ නිර්මාණය විය යුතු බවත් එය තුළින් අලෙවිය පමණක් නොව වාහන නිෂ්පාදනය ද සිදු කළ හැකි බවත් වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ රටක් ලෙස ලොකු උනන්දුවක් අත්කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොසිස් ඉන්ධන මතභේදය නිසා COP31 සාකච්ඡා දිර්ඝ වේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: UN COP31 තීරණාත්මක කඩඉමක:...

Newcastle හමුවේ 2-2 ක් ලෙස සමවෙද්දී Madueke තරඟය බේරාගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: St James' Park...

ලොව පුරා ශ්‍රී ලාංකික ව්‍යවසායක හමුව ජපානයේදී..

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: විදේශ ප්‍රේෂණවලින් එහා ගිය...

හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට ප්‍රහාර ; නාවික ගමනාගමනයට ඉරානයෙන් දැඩි සීමා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉරානය හෝමූස්...