මෙවර අයවැයෙන් යෝජනා කර ඇති ඇතැම් ප්‍රතිසංස්කරණ සාධනීය වන නමුත් සමස්තයක් ලෙස ආර්ථික වර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ ප්‍රමාණවත් නොවන බවත් ඒවා ක්‍රියාත්මක කිරීම ද ඉතාම මන්දගාමී බවත් ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
“පසුගිය අවස්ථා තුනේම අයවැය පෙන්වන්නෙ එකම දිශානතියක්, එය සාධනීයයි. හැබැයි අදාළ ප්‍රකාශ කරන දේවල් ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම මන්දගාමී ලෙස සිදුවෙන්නෙ. ඒ වගේම ආර්ථික වර්ධන සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ අපි කියනවා මීට වඩා ඉක්මන් වෙන්න ඕනෙ. විශේෂයෙන්ම පැරා තීරුබදු, සෙස් සහ පැල් ඉවත්කිරීම, පුනර්ජනනීය බලශක්තිය සඳහා ගෙනත් තියෙන ප්‍රතිසංස්කරණ සාධනීයයි. නමුත් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා තිබෙන ප්‍රතිසංස්කරණ ප්‍රමාණවත් මදි. ඒවා ක්‍රියාත්මක වීම වේගවත් මදි. එම නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ලබන වසරේදීත් යාමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ආර්ථික වර්ධනය සිදුනොවුණහොත් එහෙම 2028, 2029, 2030 කාලයේදී ණය ගෙවීම පිළිබඳව නැවත වරක් අර්බුදයකට පැමිණීමට වැඩි ඉඩක් තිබෙනවා ආර්ථික වර්ධනය සිදුකරගත්තේ නැතිනම්. ණය ගෙවීම අර්බුදයකට යන්න පුළුවන් අපි ආර්ථික ප්‍රතිසංකරණ සිදුකරගත්තේ නැතිනම්. එයට ගෝලීය වශයෙන් සිදුවන සිදුවීමුත් බලපාන්න පුළුවන්. එයට කාලය කුමක්ද කියන එක නෙවෙයි මං හිතන්නෙ වැදගත් වෙන්නෙ. මොකද කාලය ඉක්මනට එන්නත් පුළුවන් මොනවාහරි ස්වභාවික ව්‍යසනයක් හෝ ගෝලීය අර්බුදයක් ආවොත් එහෙම. පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා අපිට කාලය පොඩ්ඩක් පිටිපස්සට තල්ලු කරගන්නත් පුළුවන් පොඩි රෝලක් ගහලා. නමුත් වැදගත් වෙන්නෙ අපිට සමස්තයක් විදියට ආර්ථික අර්බුදයෙන් එළියට එන්න නම් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින්ම කරගන්න අවශ්‍යයි”
ධනනාත් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සංවාදයකට එක්වෙමිනි.


