සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ලොව ප්‍රමුඛතම අර්ධ සන්නායක නිෂ්පාදන සමාගමක් වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං යළි එම තනතුරට පත් කිර ඇති අතර ඒත් සමඟ කොටස් මිල නැවතත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ජෙන්සන් හුවාං චීන ඔත්තු කාරියක සමඟ පැවැත්වූ පෞද්ගලික සබඳතා පිළිබඳ චෝදනා සහ චීන ඔත්තු සේවා සම්බන්ධ සැකයන් හේතුවෙන් සමාගමේ කොටස් හිමියන් අතර අවිනිශ්චිතතාවක් ඇති වූ අතර, එය Nvidia කොටස් මිල පහත වැටීමට බලපෑ ප්‍රධාන සාධකයක් විය.
විශේෂයෙන්ම, ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ සමාගමේ අනාගත නායකත්වය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ වෙළෙඳපොළ තුළ සමාගමේ ඉදිරි ගමන පිළිබඳව ආයෝජකයන්ගේ අවධානය යොමු විය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම සහ ආයෝජකයන්ගේ බලපෑම මත Nvidia අධ්‍යක්ෂ මණ්ඩලය ජෙන්සන් හුවාං යළි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කිරීමට තීරණය කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ ධනාත්මක ප්‍රතිචාරයක් ඇති විය.
ඒ අනුව, නොවැම්බර් 23 වැනිදා Nvidia සමාගමේ කොටස් මිල එක් දිනක් තුළ සියයට 31කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, සමාගමේ වෙළෙඳපොළ වටිනාකමට ඇමෙරිකානු ඩොලර් බිලියන 950කට ආසන්න වටිනාකමක් එක්වී තිබේ.
ජෙන්සන් හුවාං යළි තනතුරට පත් කිරීම සමාගමේ අනාගතය පිළිබඳ ආයෝජක විශ්වාසය නැවත ගොඩනැගීමට බලපෑ බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් මැදිහත් වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සදහන් කර තිබූ අතර කෙසේ වෙතත්, කොටස් මිල යළි ඉහළ ගියද, මීට පෙර වාර්තා වූ ඉහළම මිල මට්ටමට සාපේක්ෂව Nvidia සමාගම තවමත් අලාභයක පසුවන බව ද වාර්තා වේ.


