වනජීවියට අලුතෙන් එන අය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW:


වනජීවී ස්වෙච්ඡා මාර්ගෝපදේශකයන් 137 දෙනෙකු ස්ථිර රාජ්‍ය සේවයට.


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් වශයෙන් 2014 වර්ෂයේ සිට සේවය කරන 137 දෙනෙකු ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ ක්ෂේත්‍ර සහායකයින් වශයෙන් ස්ථිර රාජ්‍ය සේවයට පත්වීම් ලබාදීමේ උත්සවය ගරු පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී ඊයේ 2026/11/23 දින පැවැත්වීය.


ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් 228ක් අතුරින් සුදුසුකම් සපුරන ලද මාර්ගෝපදේශකයින් 137 දෙනෙකු සදහා මෙහිදී පත්වීම් හිමි වු අතර ඉතිරි පිරිසද බදවා ගැනීමේ පට්පාට්ය සම්පුර්ණ වු පසු ස්ථිර රාජ්‍ය සේවයට එක් වනු ඇති.


2014 සිට 2026 දක්වා වරින් වර ස්වේච්ඡා පදනමින් මෙම පිරිස බඳවාගෙන ඇති අතර ඔවුන් වසර 12කට පසු ක්ෂේත්‍ර සහායකයින් ලෙස ස්ථිර කෙරෙන අතර පත්විම් ලාභීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිතයි.
තමන් ස්ථිර රාජ්‍ය සේවයට බදවා ගන්නා ලෙස පසුගිය රජයන් කිහිපයකින් ඉල්ලීම් කලද ඒ සදහා ඔවුන්ට අවස්ථාව හිම් නොවූ අතර පැවති නීතීමය ගැටළු ව්සදම්න් ඔවුන්ගේ ඉල්ලීම කඩ්නම් කිරීමට පරිසර අමාත්‍යාංශය සහ වනජීව් සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.


වනජීවී ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පැවති මානව හා භෞතික සම්පත් හිඟය පියවීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට දියත් කර ඇති අතර මෙරට වනජීවී සම්පත අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට පෙර කිසිදු රජයක් නොගත් ආකාරයේ ඓතිහාසික සහ ප්‍රායෝගික මැදිහත්වීමක් වත්මන් රජය විසින් සිදු කරමින් පැවතීම ව්ශේෂත්වයක්.


ඒ අනුව වනජීවී ක්ෂේත්‍ර බලකාය ශක්තිමත් කරමින් කාන්තාවන් 06 දෙනෙකු ඇතුළු 229 කට වනසත්ත්ව නියාමක පත්වීම් ලබාදීම පසුගිය 2026/10/23 දින ගරු අමාත්‍යතුමන් අතින් සිදු කෙරුණු අතර බහු කාර්ය නිලධාරින් මෙන්ම අලිවැට සහයකයින් 3500 දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය කාලය තුල බදවාගෙන ඇත.


එමෙන්ම අලි මිනිස් ගැටුමට විසදුම් සෙවීම සදහා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් 5000ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුක්ත කිරීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එක් වරකදී ලබා දෙන ලද විශාලතම වාහන තොගය පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ලබාදුන් අතර, ඊට ඇතුලත් සමස්ත වාහන සංචිතය 294 කි.
ඒ අනුව, සිංගල් කැබ් රථ 84ක්, ඩබල් කැබ් රථ 16 ක්, කෲ කැබ් රථ 03ක්, යතුරුපැදි 181ක්, ට්‍රැක්ටර් 09 සහ අත් ට්‍රැක්ටර් 01 මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවට අලුතින් එක්වූ වාහන අතර වෙයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රේක්ෂකාගාරයේ ආදරය : ඉන්දු-පාකිස්ථානු ක්‍රිකට් වෛරයේ පිටුපස ඇති සැබෑ කතාව

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: ඉන්දියාව සහ පාකිස්ථානය අතර...

අඟුරුවාතොටින් T-56 සහ M-16 උණ්ඩ හමුවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ සඟවා...

බිත්තර මිල ආපහු වැඩි වෙන්නේ නැහැලු!

කොළඹ LNW:උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව...

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං නැවතත් තනතුරේ පිහිටුවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ලොව ප්‍රමුඛතම...