මේ වන විට ජාත්‍යන්තර වශයෙන් එක්තරා වසරක් දක්වා ලංකාවට ක්‍රිකට් තරගාවලි නොමැති බව දැන ගන්නට ලැබු බවත් මෙහි සත්‍ය අසත්‍ය ගැන දැනුවත් විය යුතු බවත් මේ නිර්මාණය වන පනත තුළට ICC කොන්දේසි ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එබැවින් මාධ්‍ය තුළ යන මේ කරුණු සමාජගත නොකර නිවැරදි පැහැදිලි කිරීමක් කරන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රිඩකයන් ලෙස දායකත්වය ලබා දුන් දක්ෂ විශාල පිරිසක් සිටින බවත් එම නිසා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී හිටපු ක්‍රීඩකයන්ට විවෘත උපදෙස් දෙන්න අවස්ථාව ලබා දී විවෘත වේදිකාවක් සකස් කරන ලෙසත් මේ තුළින් විනිවිදභාවය හා පාරදෘශ්‍යභාවය තහවුරු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි. මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැන සාකච්ඡා කළ අතර මේ අවස්ථවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහකා ඇතුලු නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක් විය.
තවද මෙහි දී අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර සිටියේ ලෝකයේ රටවල් ක්‍රීඩාව තුළ වාර්තා පිට වාර්තා තැබූ කණ්ඩායම් සිටි බවත් ඔවුන් දෙස බලන විට 70-80 දශකවල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දක්ෂතාවට මුල්තැන ලබා දී ඉදිරියට ආ බවත් දක්ෂ ක්‍රීඩකයන් හිටියත් කණ්ඩයම් මානසිකත්වයක් නැත යනුවෙන් කණ්ඩායමට එක් නොකරන නිසා විශාල ප්‍රමුඛතාවක් ඒ සඳහා දිය යුතු බවත් වසර ගණනාවක් පුරා පවුල් හා කණ්ඩායම් කිහිපයක් බලය පතුරා ක්‍රීකට් ක්‍රීඩාවේ ගැටලු රැසක් ඇති කළ නිසා මේ දේශපාලනීකරණය නැති කරන්න දරන උත්සාහය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි.
එසේම ඇහැට නොපෙනෙන අස්පර්ශනීය කරුණු ගැන අවධානය යොමු කරනවා වෙනුවට ඇහැට පෙනෙන කුසලතා දක්ෂතා ලකුණු රැස් කිරීම යන කරුණු කෙරෙහි ක්‍රීඩකයන් තේරීමේ දී අවධානය යොමු කරන ලෙසත් ග්‍රාමීය ප්‍රදේශවලට විරුද්ධ පක්ෂග්‍රාහීත්වයක් සහ එක්තරා පාසල් කිහිපයකට පමණක් පක්ෂග්‍රාහීත්වයක් ඇති නිසා එවැනි දේවල් නොමැතිව විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ජරාව පිරිසුදු කළ යුතු බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් පනත සංශෝධනය කළ පසු ICC එය එකඟ නොවුවහොත් කරන දේ ගැන සෙවිය යුතු බවත් එවැනි දෙයක් කියන්න බැරි වෙන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


