චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ මෙහෙයුමේ ගගනගාමීන් නම් කෙරේ

කොළඹ LNW:චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා සහභාගී වන ගගනගාමීන් තිදෙනා නම් කර තිබෙනවා.

ඒ අනුව, චීන ගගනගාමීන් වන Tang Hongbo, Wu Yi සහ පාකිස්ථාන ගගනගාමී Muhammad Zeeshan Ali එම මෙහෙයුමට එක්වීමට නියමිතයි. එහි අණදෙන නිලධාරියා ලෙස Tang Hongbo කටයුතු කරනු ඇතැයි චීන අභ්‍යවකාශ ඒජන්සිය අද(24) නිවේදනය කළා.

මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ යානා නියමුවකු, පියාසර ඉංජිනේරුවකු සහ විද්‍යාත්මක පර්යේෂණ උපකරණ භාර විශේෂඥයකු වනවා.

Tang Hongbo මීට පෙර Shenzhou-24 සහ Shenzhou-17 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සහභාගී වී තිබෙනවා. ඒ අනුව, චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත තෙවරක් ගමන් කරන පළමු ගගනගාමියා බවට පත්වීමේ අවස්ථාව ඔහුට හිමිවනවා.

චීනයේ තෙවැනි කණ්ඩායමේ ගගනගාමියකු වන Wu Yi සිය පළමු අභ්‍යවකාශ මෙහෙයුමට එක්වීමට නියමිතයි. පාකිස්ථාන ගගනගාමී Muhammad Zeeshan Ali ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසෙන පළමු විදේශීය ගගනගාමියා බවට පත්වීමත් විශේෂත්වයක්.

Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය හෙට(25) බෙයිජිං වේලාවෙන් පෙරවරු 8.18ට වයඹදිග චීනයේ ජියුචුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබෙනවා. චීන අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රකාශක ෂැං ජිංබෝ මහතා මේ බව මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩකයන් තේරීමේ දී පක්ෂග්‍රාහීත්වයෙන් තොර විනිවිදභාවයක් අවශ්‍යයි – විපක්ෂ නායක

මේ වන විට ජාත්‍යන්තර වශයෙන් එක්තරා වසරක් දක්වා ලංකාවට...

කුණු කඳු දවා විදුලිය නිපදවන හරිත විප්ලවය!

කාබන් විමෝචනයෙන් තොර, ෆොසිල ඉන්ධන භාවිතය අඩු කරගනිමින් 2050...

ප්‍රේක්ෂකාගාරයේ ආදරය : ඉන්දු-පාකිස්ථානු ක්‍රිකට් වෛරයේ පිටුපස ඇති සැබෑ කතාව

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: ඉන්දියාව සහ පාකිස්ථානය අතර...

වනජීවියට අලුතෙන් එන අය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: වනජීවී ස්වෙච්ඡා මාර්ගෝපදේශකයන් 137...