මහින්ද ඇතුළු 44 දෙනෙක් 22ට ඡන්දය නොදී මඟහැරලා …

Date:

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඊයේ (21) පස්වරුවේ සිදුකෙරුණු අතර රටේ දේශපාලනයෙහි අතිශයින්ම වැදගත් අවස්ථාවක් වන ඊට සහභාගී වී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 180 දෙනෙක් පමණි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 44 දෙනෙකු මීට සහභාගී වී තිබුණේ නැත. ඒ, ආණ්ඩු පක්ෂයෙන් 26 දෙනෙක්, විපක්ෂයෙන් 13 දෙනෙක් සහ ස්වාධීන 5 දෙනෙක් වශයෙනි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් 11 දෙනෙකු මේ වනවිට විදේශගතව සිටින හෙයින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණීමට නොහැකි වුණු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය පවසයි. ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, ප්‍රමිත තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, සීතා අරඹේපොල, රෝහිත අබේගුණවර්ධන, ධම්මික පෙරේරා, එස්. එම්. එම්. මුෂාරෆ්, ප්‍රදීප් උඳුගොඩ සහ නිපුණ රණවක යන මන්ත්‍රීවරුන් ය.

එසේම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජයන්ත වීරසිංහ, සහන් ප්‍රදීප් විතාන, විමලවීර දිසානායක සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මන්ත්‍රීවරුන් අසනීප තත්වයන් හේතුවෙන් මෙම ඡන්ද විමසීමට නොපැමිණි බව සඳහන්.

එවන් කිසිදු සාධාරණ හේතු දැක්වීමක් නොමැතිවම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, සාගර කාරියවසම්, පවිත්‍රා වන්නිආරච්චි, ජයන්ත කැටගොඩ, ගාමිණී ලොකුගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබුණේ නැත.

ඊයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන්නේ ආර්. සම්බන්ධන්, අබ්දුල් හලීම්, වඩිවේල් සුරේෂ්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා ගජේන්ද්‍රන්, හෙක්ටර් අප්පුහාමි, සු. නෝහාරාදලිංගම්, පී වේලුකුමාර්, එස්. එම්. මරික්කාර්, හේෂා විතානගේ, එම්. ඒ. සුමන්දිරන්, රාසමානික්කම් ශානකියන් සහ තවරාසා කලෙයිඅරසන් යන මන්ත්‍රීවරුන් ය. ඔවුන් අතරින් ද පිරිසක් විදෙස්ගතව සිටියහ.

ඩලස් අලහප්පෙරුම මහතාගේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන මහාචාර්ය ජී. එල්. පීරිස්, උපුල් ගලප්පත්ති, ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් සහ විමල් වීරවංශ මහතාගේ සභාගය නියෝජනය කරන මහාචාර්ය තිස්ස විතාරණ ද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...