ටෝකියෝ බාර්වල මත්පැන්වලට මත්ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ සහ ක්‍රෙඩිට් කාඩ් වංචා ඉහළට – බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් සංචාරකයන්ට අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26:
ජපානයේ ටෝකියෝ නුවර බාර් සහ රාත්‍රී සමාජශාලා ආශ්‍රිතව මත්පැන්වලට රහසිගතව මත්ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ සිදුවීම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් වංචා ඉහළ යමින් පවතින බවට ජපානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජපානයේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු විදේශීය සංචාරකයන් මෙම අවදානම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සංචාරකයන් දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක්ද ආරම්භ කර ඇති අතර, එය බ්‍රිතාන්‍ය රැප් ගායක ෂාඕ ඩෝ (Shao Dow) විසින් මෙහෙයවනු ලබයි.

රාත්‍රී විනෝදාස්වාද ස්ථානවලදී තම පානයන් පිළිබඳව අවධානයෙන් සිටීම, නාඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන පානයන් භාර නොගැනීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී සැලකිලිමත් වීමේ වැදගත්කම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් අවධාරණය කර තිබේ.

එමෙන්ම, ටෝකියෝ නුවර රාත්‍රී විනෝදාස්වාද ස්ථාන වෙත යන සංචාරකයන් තම ආරක්ෂාව පිළිබඳව නොසැලකිලිමත් නොවිය යුතු බවටද අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

FCIDය චිචීගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26)...

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි...

පොළී සහනයක් සමඟින් නිවාස හා දේපළ ණය සීමාව ඉහළට!

කොළඹ LNW:මෙතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිම සීමාවකට යටත්ව පැවති...