රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW:
2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා උපකාරක පන්ති දෙසැම්බර් 2 සිට තහනම්.
ඉදිරියේ පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන දෙසැම්බර් 2 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විභාගය අවසන් වන තෙක් මෙම සීමා කිරීම ක්‍රියාත්මකව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වන දින සිට 17 වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,519 කදී පැවැත්වීමට නියමිතය.
මේ අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ 2026 වසරේ තුන්වන පාසල් වාරය දෙසැම්බර් 4 වන සිකුරාදා දිනෙන් අවසන් වන බවයි.
2027 නව පාසල් වසර ජනවාරි 4 වන දින ආරම්භ වන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.


